ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

බෞද්ධ ශිෂ්ටාචාරය 1 නිගණ්ඨ නාථපුත්ත (වර්ධමාන මහාවීර)


 

නිගණ්ඨ නාථපුත්ත (වර්ධමාන මහාවීර)

සදාචාර ධර්ම පිළිගත්, බුදුරජාණන් වහන්සේට සමකාලීන වූ ප්‍රකට ශාස්තෘවරයෙකි. ඔහු තීර්ථංකර, නිගණ්ඨ නාථපුත්ත, වර්ධමාන මහාවීර, ජෛන මහාවීර, අරහන්ත, ජින ආදී නාමයන්ගෙන් හඳුන්වන ලද බව සූත්‍ර හා අටුවා විමසීමෙන් අනාවරණය වේ.

ඓතිහාසික පිළිගැනීම්වලට අනුකූලව බුද්ධ සමයේ ශාස්තෘ වූ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ මෙන්ම, ජෛන සමයේ ශාස්තෘ වූ වර්ධමාන මහාවීර හෙවත් නිගණ්ඨ නාථපුත්ත තුමා ද රාජවංශිකයෙකි. සිද්ධාර්ථ කුමරු සෙයින් මහාවීර ද යශෝධරා නම් කුමරියක සමඟ විවාහ වී, ගිහි සැප විඳ, අනෝජා නම් දියණියක ලැබූ පසු ගිහිගෙය පිළිබඳ කලකිරී අභිනිෂ්ක්‍රමණය කළේය. පුරා දොළොස් වසරක් දුෂ්කරක්‍රියා කොට කේවල්‍ය ඥානය ලබා සර්වඥප්‍රාප්ත විය.

ජෛන ආගමික සාහිත්‍යයේ එන තොරතුරු අනුව නිගණ්ඨ නාථපුත්ත ජෛන ආගමේ නායකයා ලෙස සැලකේ. ආගමික වශයෙන් උසස් ම ඥානය ලැබූ තැනැත්තා හැටියටත්, සත්ත්වයන් සංසාර සාගරයෙන් එතෙර කරන දහමක් දෙසූ හෙයිනුත් "තීර්ථංකර" යන නාමය එතුමාට භාවිත කෙරේ. බුදු සමයේ ශ්‍රාවකයින් පිළිගන්නා 'බුද්ධ' යන වචනයට සමාන අරුතක් 'තීර්ථංකර' යන නමට ඇති බව ජෛන ආගමිකයෝ පිළිගනිති.

එහෙත් ජෛන ආගමික සම්ප්‍රදායට අනුව නිගණ්ඨ නාථපුත්ත ජෛනාගමේ නිර්මාතෘවරයා හෝ ආරම්භක ශාස්තෘවරයා නොවේ. ථෙරවාදී බෞද්ධයන් අතර ගෞතම බුදුන් වහන්සේට පෙර අනන්ත අපරිමාණ කාලයක් තුළ ජීවත් වූ බුදුවරුන් විසිහතර දෙනෙකු (24) ගැන විශ්වාසයක් ඇතිවාක් මෙන්ම, නිගණ්ඨ නාථපුත්තයන්ට කලින් ජෛනාගමේ ශාස්තෘත්වය දැරූ තීර්ථංකරයන් 23 දෙනෙකු සිටි බව ජෛනයෝ ද විශ්වාස කරති. එම 23 දෙනාගේ නම් මෙසේය:

පූර්ව තීර්ථංකරයන් 23 දෙනා:

  1. ඍෂභ (ආදිනාථ)

  2. අජිත

  3. සම්භව

  4. අභිනන්දන

  5. සුමති

  6. පද්මප්‍රභ

  7. සුපාර්ශ්ව

  8. චන්ද්‍රප්‍රභ

  9. සුවිධි (පුෂ්පදන්ත)

  10. ශීතල

  11. ශ්‍රේයාංස

  12. වාසුපූජ්‍ය

  13. විමල

  14. අනන්ත

  15. ධර්ම

  16. ශාන්ති

  17. කුන්තු

  18. අර

  19. මල්ලි

  20. මුනිසුව්‍රත

  21. නමි

  22. නේමි

  23. පාර්ශ්ව

නාථපුත්ත ශාස්තෘවරයෙකු වීමෙන් පසු කේවලත්වයට පත් විය. ඒ නිසා ම සමාජය ඔහු "ජින" (ජිනවරයා) නාමයෙන් හඳුන්වන ලදී. ජිනවරයාගේ දර්ශනය ජෛන දර්ශනයයි.

ජෛන දර්ශනය

සදාචාර ධර්ම පිළිගත් ජෛන දර්ශනයේ මූලික ඉගැන්වීම් කිහිපයකි:

  1. කර්මවාදය

  2. පරම අවිහිංසාවාදය

  3. ආත්මවාදය

  4. ස්‍යාවාදය

අෂ්ට කර්ම (කර්ම ප්‍රබේද 08):

කර්මය ඉතා ගැඹුරින් දේශිත මෙම දර්ශනයේ කර්මය ප්‍රබේද අටකට බෙදනු ලැබේ:

  1. ඥානාවරණීය කර්මය: නුවණ මඟහරවන / ආවරණය කරන කර්මය.

  2. දර්ශනාවරණීය කර්මය: සත්‍ය දැකීම වසාලන / ආත්මය කිලිටි කරන කර්මය.

  3. වේදනීය කර්මය: සැප-දුක් විඳීමට සලස්වන කර්මය.

  4. මෝහනීය කර්මය: මුළාව සහ රාගාදී කෙලෙස් ඇති කරවන කර්මය.

  5. ආයුෂ කර්මය: ජීවන කාලය තීරණය කරන කර්මය.

  6. නාම කර්මය: ශරීරාවයව සහ ස්වරූපය ඇති කරවන කර්මය.

  7. ගෝත්‍ර කර්මය: ජාති, උස්-පහත් කුල ගෝත්‍ර බෙදා දක්වන කර්මය.

  8. අන්තරාය කර්මය: යහපත් ක්‍රියාවලට බාධා පමුණුවන කර්මය.

ත්‍රිදණ්ඩය:

පුද්ගලයා මෙම සියලු කර්ම සිදු කරනු ලබන දණ්ඩ තුනක් ජෛන දර්ශනය හෙළි කළේය:

  1. කාය දණ්ඩ: මහා සාවද්‍ය වේ (වඩාත්ම හානිකර ය).

  2. වාග් දණ්ඩ: අල්ප සාවද්‍ය වේ.

  3. මනෝ දණ්ඩ: අල්ප සාවද්‍ය වේ.

ආත්මය සහ විමුක්තිය

ත්‍රිදණ්ඩයෙන් සිදු කරන්නා වූ සියලු කර්මයෝ ආත්මයෙහි තැන්පත් වන්නාහ, බැඳෙන්නාහ. කර්ම බැඳෙන ආත්මයේ ස්වභාවයන් තුනකි:

  1. නිත්‍ය (සංසාරික) ආත්මය

  2. මුක්ත ආත්මය

  3. ශුද්ධ / බුද්ධ ආත්මය

ආත්මය පිරිසිදු භාවයට පත් කිරීම ජෛන විමුක්තියයි. ආත්මයේ බැඳෙන කර්මය නැවත:

  1. අතීත කර්ම

  2. වර්තමාන කර්ම

වශයෙන් බෙදා දක්වනු ලැබේ. එම සියලු අතීත, වර්තමාන කර්ම ක්ෂය කිරීමෙන් ආත්මය පිරිසිදු භාවයට පත් වන්නේ ය. ආත්මය පාරිශුද්ධත්වයට පත් කර කේවලත්වයට පත් වීම සඳහා ප්‍රතිපත්තීන් දෙකක් අනුගමනය කළ යුතු වේ:

  1. සංවර භාවය

  2. නිර්ජරා භාවය

  • සංවර භාවය: සංවර භාවය තුළින් වර්තමානයේ ත්‍රිදණ්ඩය මඟින් සිදුවන කර්ම සියල්ල නවතා දැමිය යුතුය. ඒ සඳහා:

    1. පරම අවිහිංසාවාදය

    2. පංචශීල ප්‍රතිපත්තිය

    3. චතුයාම සංවර සීලය අනුගමනය කළ යුතුය.

  • නිර්ජරා භාවය: අතීත කර්ම ගෙවා දමා ආත්මය පිරිසිදු කිරීම සඳහා නිර්ජරා භාවය අනුගමනය කළ යුතුය. එනම් සීලව්‍රත අනුගමනය සහ අත්තකිලමථානුයෝගයයි (ශරීරයට දුක් දීමයි).

ආත්මය ක්‍රමයෙන් පිරිසිදු වීමත් සමඟ ම පුද්ගලයා විමුක්තිය වෙත ලඟා වන්නේ ය. එම විමුක්ති ඥානයන් පහ නම්:

  1. මති ඥානය

  2. ශ්‍රුති ඥානය

  3. අවධි ඥානය

  4. මනඃපර්යාය ඥානය

  5. කේවල ඥානය

කේවල ඥානය යනු ජෛන පරම විමුක්තියයි. මහාවීරතුමා එම විමුක්තියට ළඟා වූ අන්තිම (24 වන) ජිනවරයායි.

ශීල ප්‍රතිපත්ති

ජෛන පංචශීල ප්‍රතිපත්තිය:

  1. පාණාතිපාතා විරතිය: සතුන් නොමැරීම (අහිංසාව)

  2. අදින්නාදානා විරතිය: සොරකම් නොකිරීම

  3. අබ්‍රහ්මචරියා විරතිය: පස්කම් සැපතෙහි නොඇලීම (කාම මිථ්‍යාචාරයෙන් සහ ලිංගික සේවනයෙන් වෙන්වීම)

  4. මුසාවාදා විරතිය: බොරු නොකීම

  5. අපරිග්‍රහ විරතිය (සර්ව විරතිය): සියලු අයිතිවාසිකම් සහ බාහිර වස්තූන් රැස්කිරීමෙන් වෙන්වීම

ජෛන දහමේ චතුයාම සංවර සීලය:

  1. සබ්බවාරි වාරිතෝ: සියලු පාපයන්ගෙන් වෙන්වීම / වැළකීම

  2. සබ්බවාරි යුතෝ: සියලු පාපයන්ගෙන් වැළකී සංවර වීම

  3. සබ්බවාරි ධුතෝ: සියලු පාපයන්/කෙලෙස් සෝදා හැරීම (ධූත කිරීම)

  4. සබ්බවාරි ඵුට්ඨෝ: සියලු පාපයන්ගෙන් මිදී පාරිශුද්ධත්වයට පැමිණීම

බෞද්ධ ශිෂ්ටාචාරය 1සංජය බෙල්ලට්ඨිපුත්ත

 

සංජය බෙල්ලට්ඨිපුත්ත

සංශයවාදී දර්ශනයේ පුරෝගාමියා වූ සංජය බෙල්ලට්ඨිපුත්ත ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෙකි. එකල ඔහු 'ගණී, ගණාචරියෝ, සාධුසම්මතෝ, බහුජනස්ස' වැනි ගෞරවනීය විශේෂණ පදයන්ගෙන් හඳුන්වන ලද ශාස්තෘවරයෙකි.

ඔහුගේ ජීවන තොරතුරු අටුවාවල මෙලෙස දැක්වේ:

"සඤ්ජය බෙල්ලට්ඨිපුත්තයාගේ ද උත්පත්තිය කවරේ ද යත්? හෙතෙම නමින් සංජය නම් විය. බෙලි ඇටයක් බඳු වූ හිසක් ඇති හෙයින් 'බෙල්ලට්ඨි' නම් වූ අනුන්ගේ දාසියකගේ ම පුත්‍රයෙකි. හෙතෙම ස්වාමිදරුවන් විසින් නිදහස් කරන ලදුව, නොයෙක් ශාස්ත්‍ර ඉගෙන මහත් නුවණ ඇතිව තර්කවාද දැන තපසට වැදී, 'මෙලොව නැත, පරලොව නැත, කර්ම නැත, කර්මඵල නැත, මව් නැත, පියෙක් නැත' යි දෘෂ්ටි ගෙන, 'අපාදකයෝ (පාද නැත්තෝ) මළ කල අපාදකව ම උපදිති; ද්විපාදකයෝ ද්විපාදකව ම උපදිති; චතුෂ්පාදකයෝ චතුෂ්පාදකව ම උපදිති; බහුපාදකයෝ බහුපාදකව ම උපදිති; හීනයෝ හීනව ම උපදිති; උත්තමයෝ උත්තමව ම උපදිති; දිව්‍යයෝ දිව්‍යව ම උපදිති; මනුෂ්‍යයෝ මනුෂ්‍යව ම උපදිති' යනාදී වශයෙන් ලෝකවාසීන්ට මිථ්‍යාදෘෂ්ටි කියයි. ඒ අසා සමහර කෙනෙක් ගිවිස ඔහුට ද සත්කාර කෙරෙති. හේ ද පන්සියයක් පිරිවර ඇති කොට 'රහත් ය' යි කියමින් ඇවිදින ලදී."

දර්ශනය:

  • සංශය යනු සැකයයි. ඔහුගේ දර්ශනය සැකය මුල්කරගත් එකකි.

  • බෞද්ධ සාහිත්‍යයේ ඔහු "අමරාවික්ඛේපවාදී" ලෙස හඳුන්වා තිබේ. එනම්, ආඳෙකු මෙන් අතින් ලිස්සා යන, අසන්නා වික්ෂිප්ත භාවයට (මුලාවට) පත්කරන වාදයයි.

  • සංජය බෙල්ලට්ඨිපුත්ත ශාස්තෘවරයාගෙන් යම් ප්‍රශ්නයක් ඇසූ විට, ඔහු සිව්වැදෑරුම් පිළිවෙතකට (චතුස්කෝටික න්‍යායට) අනුව ලිස්සා යන සුළු පිළිතුරු ලබා දෙයි. එම සිව්වැදෑරුම් පිළිවෙත නම්:

  1. අත්ථි (ඇත) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම

  2. නත්ථි (නැත) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම

  3. අත්ථි ච නත්ථි ච (ඇත්තේ ද නැත්තේ ද වේ) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම

  4. නෙව අත්ථි න නත්ථි (ඇත්තේ ද නොවේ, නැත්තේ ද නොවේ) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම


                             NEXT

බෞද්ධ ශිෂ්ටාචාරය 1 පකුධ කච්චායන


පකුධ කච්චායන

සප්ත පදාර්ථයක් ලොවට ප්‍රකට කළ භාරතයේ ප්‍රසිද්ධ ශාස්තෘවරයෙකි. ඔහුගේ ජීවන තොරතුරු අටුවාවල මෙලෙස සඳහන් වේ:

"පකුධ කච්චායනයාගේ ද උත්පත්තිය කවරේ ද යත්? හෙතෙම කුල පුත්‍රයෙකි. පියකු නැතිව වැන්ද
ඹු මවකගේ කුසින් උපන්නේ ය. මව දුගී වූ හෙයින් ද ගෙයක් දොරක් නැති වූ හෙයින් ද ඔහු කුඹුක් ගසක් මුල වදා හෙළා යන ලදී. එක්තරා බ්‍රාහ්මණයෙක් ඔහු දැක, ගෙන ගොස් කුඹුක් මුල දී උපන් හෙයින් 'කකුධ' යන නම තබා, ගෝත්‍ර නාමය හා සමඟ 'කකුධ කච්චායන' යි නම් තබා හදා වඩා ගත්තේ ය. හෙතෙම බ්‍රාහ්මණයා මළ පසු වෙනත් රැකියා මාර්ගයක් නැති වූයෙන් තපසට වැදී මිථ්‍යා දෘෂ්ටි ගත්තේ ය."

ඔහුගේ පිළිවෙත් අතර "ඇල්දිය යනු ප්‍රාණය යි; ඇල්පැන් බීවෝ ද දිය බිඳක් නෑවෝ ද ප්‍රාණඝාත කළාහු වෙති" යන දෘෂ්ටිය විය. එම නිසා හෙතෙම ඇල්දියෙන් අතපය පවා නොසේදීය. උණුදියෙන් හෝ කැඳ වතුරෙන් අතපය සෝදා ගත්තේ ය. ඇළක්, දිය වළක්, ඔයක් හෝ ගඟක් මතින් පැන යද්දී පයේ වතුර ගෑවී එගොඩට ගියේ නම්, "බොහෝ ප්‍රාණයන් නැසීමි, බොහෝ දෙනාට පීඩා කළෙමි, මාගේ සිල් බිඳුණේ ය" යි හඬා වැලපී, තමාට ම දඬුවම් කරගනු පිණිස වැලි ගොඩක් රැස් කොට එතැන දී නැවත සිල් සමාදන් වී යයි.

මෙය දුටු මනුෂ්‍යයෝ ඔහු කෙරෙහි පැහැදී "මොහු රහතෙකැයි" සිතා බොහෝ සත්කාර කළහ. මෙසේ හෙයින් පස්සියයක් පිරිවර ඇති කරගෙන දඹදිව ප්‍රසිද්ධ විය.

සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වෙන ආකාරයට ඔහු අකිරියවාදී වූවෙකි. සප්ත පදාර්ථයක් දේශනා කරමින් භෞතිකවාදී මත දැරීය. අනිර්මිත, ස්ථිර, නොසෙල්වන, නිත්‍ය සහ අවිපරිණාමී වන එම සප්ත පදාර්ථයන් නම්:

  1. පඨවි (පඨවි/පොළොව)

  2. ආපෝ (ජලය)

  3. තේජෝ (ගින්න)

  4. වායෝ (සුළඟ)

  5. සුඛ (සැප)

  6. දුක්ඛ (දුක)

  7. ජීව (ප්‍රාණය/ආත්මය)

ජීව අජීව සියල්ල මෙම සප්ත පදාර්ථයෙන් නියමිත අතර, එම පදාර්ථ සදාකාලික ය. සත්ත්වයකු මරන්නෙකු, නසවන්නෙකු හෝ කපන්නෙකු ලොව නැත. සිදුවන්නේ මෙම පදාර්ථයන් අතරින් ආයුධයක් රිංගා යාම හෝ පදාර්ථ වෙන්වී යාම පමණි.


                                                         NEXT 

සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය...

බෞද්ධ ශීෂ්ටාචාරය 7 සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය... (Part 3)

 පසු කලෙක එම හතු වර්ගය ද අතුරුදන් වී මිහිරි රසැති බද්‍රලතා නමැති වැල් වර්ගයක් පහළ විය. එම වැල් අනුභව කලහ. සිරුරේ රළු බව අඩු වූවෝ අතිශය කර්කශ ශරීර ඇත්තවුන් දැක මානය ඇති කොට ගත් හ. එවිට එම බදාලතා නමැති වැල්  වර්ගය අතුරුදහන් වී දහවියා නැමැති රසැති ස්වයංජාත රත් දැල්හැල් සහල් පඳුරු වශයෙන් පහළ විය.


මෙය අනුභව කළ විට, සිරුරු තවත් රළු වෙන්නට විය. ලෝක විනාශයට පෙර මෙන්, ස්ත්‍රී ලිංග - පුරුෂ ලිංග භේදයක් ද පහළ වීමෙන් සත්ත්වයන් අතර කාමාසාව ඇති වී කාම සේවනය පහළ විය.

කාම සේවනයෙහි යෙදුනා වූ ස්ත්‍රී පුරුෂයන් දුටු. ඇතැමෙක් සත්ත්වයෙක් තවත් සත්ත්වයකුට කෙසේ නම් මෙවැන්නක් කෙරේදැයි ගරහමින්, ගල් , වැලි - වැනි අතට අසු වූ දෙයින් දමා ගසන්නට වූහ. මෙසේ කාම සේවනයෙ යෙදුනවුන් මාස කිහිපයක් යන තුරු. ගමකට නො වැද්ද ගත් අතර, ඔවුන් එයින් වැළකීබේර් රහසිගත ව මෙවුන්දම් සේවනය සඳහා ගෙවල් තනාගත්හ.

මේ අතර, ඇතැමෙක් උදය සවස හැල් ගෙනයාමට උදාසීන වී එකවරම දෙවේලටම සෑහෙන පරිදි රැගෙන ආ හ. මේ දුටු තවත් අයෙක් දින දෙක තුනකට සෑහෙන පරිදි හැල් නෙලා ගත් අතර, සමහරෙක් මාස ගණනේ භුක්ති වීදිය හැකි තරමට හැල් ගෙනවුත් රැස් කොට ගත්හ.

මෙසේ ඇති වූ තෘෂ්ණාවේ බලවත්කමට හැල් වී කුඩු බවට ද, තවත් කලකට පසු දහවියා සහිතව ද හට ගත්තේ ය. කැපූ හැල් වී ‍ගසෙහි කරල්
මීට නො හැගීම ද, පඳුරු පසයෙන් පැළහට ගැනීම ද සිදු විය. මින්පසු ඔවුනු, කැල්කෙත් බෙදා ගනිමින් ගොවිතැන් කළහ.

මේ අතර කිසියම් සත්ත්වයෙක් අන් සතු හැල් වී සොරා ගත්තේ ය. එය දුටුවෝ ඔවුනට දෙවන වර දක්වා අවවාද කොට, තෙවනවරත්   සිදු කල විට එතැන් පටන් සොරකම - බොරුව - හිංසාව ඇති විය. මෙසේ ඔවුන් අතර හටගත් අපරාධ විනිශ්චය කොට දඬුවම් කිරීමට ඔවුන් අතරින් ම දැකුම්කලු - තේජස්ම පුද්ගලයෙකු තෝරා පත්කොට ගත හ. මහජන මතයේ තේරී පත් වූ නිසා. (මහා සම්මත) යන නමින් ප්‍රකට විය. ඔවුහු තම තමන්ගේ හැල් කෙත් වලින් හැල් කොටස බැගින් විනිශ්චය භාගය වශයෙන් ඔහුට දුන්හ.

හැම හැල් කෙතකින්ම හැල් භාගය බැගින් ලැබුනු බැවින් ඔහු කෙත් වලට අධිපති යන අර්ථයෙන් (ඛෙත්තානං අධිපතීති ඛො බත්තියො) ඛත්තිය - ක්ෂත්‍රිය නම් විය.

ජනතාවගේ සිත් තමන් කෙරෙහි රඳවා ගෙන, අර්ථයෙන් හා
ධර්මයෙන් අනුසාසනය කරමින් පාලනය කළ නිසා රාජා යන නාමයෙන් ද ඔහු ප්‍රකට විය. මේ අයුරින් බ්‍රාහ්මණ - වෛශය - ශුද්‍ර යන අනෙකුත් තුන් කුලය ද පහළ වී ඇතැයි අග්ගඤ්ඤ සූත්‍රය සඳහන් කරයි.

ඇතැමෙක් සමාජ අපරාධ හා සොර මැරකම් දැක ජීවිතය කෙරෙහි කළකිරි. සමාජ ආශ්‍රයෙන් බැහැර ව, වනගත ව පැල්පත් තනාගෙන ජීවත් වූ හ. භාවනුයෝගීව අකුසල ධර්ම ප්‍රහාණය පිණිස උත්සාහවත් වූ නිසා බ්‍රාහ්මණ නම් විය. (පාපකෙ අකුස ලෙ ධමිමෙ බොහෙන්ති බො වාසෙට්ඨ බ්‍රාහ්මණා)
විවාහ ජීවිත ගත කරමින්, රැකියා හා වෙළඳාම් ආදී අනෙකුත් විවිධ කර්මාන්ත කටයුතු සිදුකල වුවන්  වෛශ්‍ය වූ හ. (මෛථුන ධම්මං සමාදාය, විසුං කම්මන්තෙ, පයොජෙන්ති කො වාසෙට්ඨ වෙස්සා)

රොඩු - කසළ බැහැර කිරීම, මළමිනි වැළලීම ආදී ක්‍රියාවන්හි යෙදුනු පිරිස ශුද නම් වූ හ. (යෙ තෙ සත්තා අවසෙසා තෙ ලුද්දාචාරා බුද්දාචාරා අහෙසුං බෝ වාසෙට්ඨ ! සුද්දා) මෙලෙස ශුදු සමාජය හටගන්නා ලදී.

තුෂ්ණාව කරණ කොට ගෙන ඇති වන සමාජ විපර්යාසය (තණ්හාය විපරියාසා) පිළිබඳ ක්‍රමවත් විවරණයක් බෞද්ධ සූත්‍ර ධර්මය මගින් පැහැදිලි වෙයි. මුල දී සඳහන් කළ අන්දමට, දේව නිර්මිතයක් නොව, ක්‍රමික විකාශනයක් මේ තුළින් විශද කොට ඇත. බ්‍රාහ්මණ ධර්මය අනුව ලෝකේත්පත්තියටත්, චතුර් වණෝත්පත්තියටත් ප්‍රදානය කළ දිව්‍යමය අර් කථනය වෙනුවට හුදු මානුෂික ස්වරූපයක් ගෙන දීමට බුදු සමය පොහොසත් වී ඇත. අවිශ්වසනීය හා ප්‍රාතිහාර්යාත්මක සමාජ ප්‍රභවයක් නොවන, අවිදන මූලික සමාජාරම්භයක් තෘෂ්ණාව පාදක කොට ගෙන විකාශනය වී ඇති අයුරු පෙන්වා දි ඇත.ස්වකීය වෘත්තිය අනුව චතුර් වර්ණය ප්‍රකට වූවා මිස අදෘශ්‍යමාන බලවේගයක නිර්මිතයක් නොවෙන බව. වාසෙට්ඨ සූත්‍රානුසාරයෙන් තවදුරටත් අවධාරණය කොට ඇත.

* බෞද්ධ සමාජ ප්‍රබවයෙහි දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ. ඊශ්වරවාදී නිර්මාන වාදී දේව නියමයක් නොවන බව.

*පටිච්ච සමුප්පාදය මුල්වී සිදුවුවක් වුවක් බව

* දීර්ඝ කාලයක් පුරා පරිනාමීය
ක්‍රියාවලිය තුලින් බිහි වූ බව.

මෙම කරුණු මගින් පැහැදිලි වේ

සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය.

 බෞද්ධ ශීෂ්ටාචාරය 7 සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය... (Part 2)

දීර්ඝ කාලයකට පසු ලෝකය විනාශවෙයි.එවිට බොහෝ සත්වයන් ධ්‍යාන බලයෙන් බබලන සිරුරින් යුතුව  බ්‍රහ්ම ලෝකයෙහි උපත ලබති. පසු ව ප්‍රීතිය ආහාර කොටගත්  (පිතිහක්ඛා භවිස්සන්ති) ඔවුහු (ආභස්සර බඹ ලොවින්)කාලය ගැනිමෙන් පසුව බ්‍රහ්ම ලෝකයෙන් චුතව ලොව හටගනි.මෙලෙස මිනිස් ලොව ඕපපාතික ව උපත ලබා අකාශයේ කල් ගෙවූහ.


ඒ වෙන විට, මුළු මහත් ලෝකය ම දිය කඳකි. හැම තැනම අන්ධකාරය පැවතිණ. සඳු හිරු තාරකාවන් නොතිබිණ. රෑ දහවල් - දින - මාස - අවුරුදු බේදයක් ද නොවිණ. ස්ත්‍රී - පුරුෂ භේදයක් ද නොවීය.

මෙසේ දිගු කලක් ගතවෙත් ම දියමතු පිට රසපොළොව මතුපිට ට පැමිණෙයි.එත් සමග එක් තණ්හා භරිත සත්ත්වයෙක් ඇඟිල්ලෙන් ඇණ මහපොළව ලෙව කැවේය. එම රසයෙන් දිව නහර පිරී ඉතිරි ගියේ ය. සෙසු අය ද, මේ දැක රස පොළොවෙහි රස, දිව ගා අනුභව කරන්නට වූ හ. මෙසේ රසයෙහි ගිජු වූ මෙම සත්ත්වයෝ ඉතා සුළු කලකින් රස පොළොව අවසන් වේ යැයි සිතා කොටස් වශයෙන් වෙන් කොට ගෙන, තණ්හා භරිත ව අනුභව කරන්නට විය

නොබෝ කලකින් ම ඔවුනගේ බබළන සිරුරු අතුරු දහන්ව යයි .පළමු ව සූර්යයාත්, දෙවනුව චන්ද්‍රයාත්,තාරකාවනුත් පසු ව, රැ දහවල් - දින - මාස - අවුරුදු සමයේ බේදයක් ද ඇති විය. ආසාවන්ගෙන් පීඩිතවුනු ඔවුනගේ සිරුරු තවතවත් රළු වෙන්නට පටන් ගත් හ. වර්ණවත් වූ අය දුර්වර්ණ වූවත් දැක බලා තමා ඔවුනට වඩා සෝභාවත් යැයි මාන්නය ඇති කොට ගත්හ.

කල්ගතවෙත් ම රස පොළොව අතුරු දහන්ව මිහිරි රසැති හතු විශේෂයක් (පප්පටකෙජං) පිපෙන්නට විය. ඒවා අනුභව කළ වුවන්ගේ සිරුරු වඩාත් රළු වෙන්නට පටන් ගත් අතර, (සුදු - කලු )යැයි දෙවර්ණයක් ද ඇති විය. සුදු වර්ණවත් වුවන්, කලු වර්ණ වූවන් දැක, මානයෙන් උදම් වුහ
.

NEXT  

සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය...

 බෞද්ධ ශීෂ්ටාචාරය 7 සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය...


භාරතීය චින්තන ඉතිහාසයෙහි සමාජ ප්‍රභවය පිළිබඳ ඉගැන්වීමට ඇත්තේ දැඩි ප්‍රවණතාවයකි. ප්‍රාග් බෞද්ධ යුගයෙහි පමණක් නොව, බුද්ධ කාලයෙහි බිහි වූ ආගම් ද, සමාජ ප්‍රභවය දැක්වීමට සුවිශේෂිත වෑයමක් දරා ඇත. බ්‍රාහ්මණ හා ජෛන ඉගැන්වීම් වලට වඩා ප්‍රතීත්‍ය සමුත්පාද මූල ධර්මය පදනම් කොටගත් ඉගැන්වීම බෞද්ධ චින්තනය තුළින්ද පෙන්වා දී ඇත. ජෛන පුරාණයේ උත්සර්පිණී (ප්‍රවෘත්තිය) අවසර්පිණී (නිවාක්තිය) යන මුල අග තෙක් විසාශනය වූ සමාජ ප්‍රභවයක් ඉදිරිපත් කොට ඇත. වෘෂභ විසින් වර්ණ තුනක් නිර්මාන්‍ය කරන අතර, භරත විසින් බ්‍රාහ්මණ වර්ණය නිර්මාණය සාරන ලද බවත් ජෛන පුරාණයේ පවසාඇතත්, බමුණු දහම එය තරයේ ප්‍රතික්ෂප කොට, බ්‍රහ්මන් සංකල්පය ඉදිරිපත් කොට ඇත.

ඒ අනුව බ්‍රාහ්මණයෝ ඒක සංකල්පීය නිර්මිතයක් මිස, ද්වි සංකල්පීය නිර්මිතයක් නො පිළිගනිති. මේ දෙආකාර දර්ශනයෙන්ම ස්වභාව සිද්ධිවාදය බැහැර කර බැවින්, බුදු සමය හා නො ගැළපෙයි. ලෝකය සමාරම්භයේ දී මුළු මගින් ම ජලයෙන් වට වූ, අන්ධකාරයෙන් පැවති බව.භාරතීය දර්ශන කිහිපයක ම උගන්වයි. විෂ්ණුගේ දශාවතාරයෙහි මුල් ම අවතාරය මත්ස්‍යාවතරය ලෙස දක්වා  ඇත.මෙලස බුදු සමයට පෙර හා සමකාලින දර්ශනයන්හි ඉගැන්වීම් පෙන්වා දිය හැක. එහෙත් දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය හේතු ප්‍රත්‍ය ධර්මතාව අනුව ලෝකයේ සමාරම්භය හා ක්‍රමික සංවර්ධනය පිළිබඳ විවරණයක් මෙසේ ඉදිරිපත් කරයි.

NEXT 

බෞද්ධ ශිෂ්ටාචාරය 1 (1.2) අජිතකේෂ කම්බල ශාස්තෘවරයා

 

  • අජිතකේෂ කම්බල ශාස්තෘවරයා

ශට් ශාස්තෲන් අතරින් කෙස් කම්බලියක් දැරූ ශාස්තෘවරයා.ඔහු සමාජයට උච්ඡේදවාදයක් ප්‍රකට කලේය
"අ‌‌ජිතො කේසකම්බලො උච්පේදං ව්‍යාකාසි.' ඒ අනුව ඔහු මුලික ඉගැන්වීම් ලෙස දස වස්ථුක මිත්‍ය දුශ්ටියක් ඉදිරිපත් කළහ එමනේම භෞතික වාදයක් දේශනා කළහ.

ඔහුගේ දස වස්ථුක මිත්‍ය දුම්රිය නම්.

  1. නත්ථිදින්නං -දුන් දෙයෙහි විපාක නැත.
  2. නත්ථි යිට්ඨං -යාගයෙහි විපාක නැත.
  3. නත්ථිභූතංතෘ -හෝමයෙහි විපාක නැත.
  4. නත්ථි සුකටදුස්සට කම්මානං පවුං විපාකෝ - කුසල අකුසල ක්‍රියාවන්හි ප්‍රතිඵල නැත.
  5. නත්ථි අයං ලෝකෝ - පර‌ලොව සිටින්නවුන්ට මොලාවක් නැත.
  6. නත්ථි පරලෝකෝ - මොලොව සිටින්නවුන්ට පරලොවක් නැත.
  7. නත්ථි මාතා - මවට උපකාර කිරීමේ විපාක නැත
  8. නත්ථි පිතා - පියාට උපකාර කිරීමේ විපාක නැත
  9. නත්ථි සත්ථා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් ලොව නැත.
  10. නත්ථි ලෝකෝ සමණ බ්‍රාහ්මණ - මහණ බමුණන් කෙනෙකු ලොව නැත.   යනුවෙන් දස වස්තුවක් විස්තර කර ඇත.

අජිත කේශකම්බිලී ලොව සියල්ල සම්බන්ධයෙන් අවපරිනාමි, ස්ථිර ,නෙිනැසෙන ,සදානකලීන සතර මහා භූත රෑප පෙන්වා දී ඇත. එනම්

  1. පඨවි
    2.ආපෝ
    3.තේජෝ
    4.වායෝ

.චාතුම් මහා භූතිකෝ අයං පුරි‌සෝ සදා කාලං කරෝති පඨවි පඨවිකායං අනුප්පේති අනුගච්ඡති ……….,

මරණයෙන් පසු නැවත හට ගැනීමක් නැත. සතර මහා භූතයන් විසිර යාම පමණක් සිදුවන්නේය. ඒ පිළිබදව ඔහු දක්වන්නේ,

" යාවත් පීවෙත් සුඛං ජී‌වේත්

සෘණං තත්වා සෘතං පිබේත්

භශ්මීං භූතස්‍යෙ දේහස්‍ය

පුනරා ගමනඃ කා කෘතෘ ''

“යම්තාක්කල් ජීවත් වන්නේ ද ඒතාක් කල් සැපසේ ජීවත් විය යුතුය. ණය වී හෝ
ගිතෙල් අනුභව කළ යුතුය, මරණයෙන් පසු ශරීරය අලුකර දමන බැවින් නැවත
හට ගැනීමක් නැත.


                NEXT