ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

බෞද්ධ ශීෂ්ටාචාරය 6 ආපද් ධර්ම

  

•ආපද් ධර්ම

මෙම ආපද් ධර්ම ඉගැන්වීම ස්ව ධර්ම හා සම්බන්ධ ඉගැන්වීමකී ස්වධර්ම මදක් වෙනස් කරමින් ලිහිල් කරමින් අනුගමනය කිරීම ආපද් ධර්ම ඉගැන්වීමයි . ආපද් ධර්ම යනු ආපදා සම්පන්න කාලයකදී ස්වධර්ම අනුගමනය කළ යුතු පිළිවෙතයි. එනම් ස්භාවික විපත් පැමිණි අවස්ථා වලදි තම වර්ණයට අදාල ස්වධර්මය අනුගමනය කළයතු පිළිවෙත මනුස්මුතියේ 10 වන පරිච්ඡේදයේ සදහන් වේ.


‍Øබ්‍රාහ්මණ වර්ණයේ ආපද් ධර්ම

ආපදා අවස්ථාවක දී බ්‍රාහ්මණයන්ට තම ස්වධර්මයෙන් ජිවත් විමට නොහැකි විටක්ෂත්‍රිය වර්ණයේ ස්වධර්මය අනුගමනය කළ හැකිය.  එනම් ,

1.පජ්‍රා රක්ෂණය
2.දන්දීම
3.යාග කරීම
4.ඉගෙනිම
5.කාමයෙහිනො ඇලී ක්‍රියා කිරීම යනාදි ක්ෂත්‍රිය ස්වධර්මය තම ආපද් ධර්මය ලෙස සිදුකල හැකිය.

බ්‍රාහ්මණ ජනයා අපදා කාලයකදී ක්ෂත්‍රිය  ස්වධර්මය මගින් ජිවත් විමට නොහැකි විට වෛශ්‍ය වර්ණයට අයත්  ස්වධර්ම වල නිරත විය හැකිය. එනම් ,

01පශුපාලනය 02 ඉගෙනීම

 03 දන් දීම 04වෙළෙඳාම

 05යාග කිරීම, 06මුදල් පොළියට දීම

      07කෘෂි කර්මාන්තය යන කාර්යයන් සිදුකල හැකිය

මෙලෙස තමආපද් ධර්මය ලෙස බ්‍රාහ්මණ ජනයාට අපදා කාලය නිමාවන තෙක් සිදුකල හැකිය .මෙම ආපද්ධර්මය සිදුකිරීමට නොහැකි වු හොත් කිසිවිටක ශූද්‍ර වර්ණයේ ස්වධර්මය තම ආපද් ධර්මය ලෙස කටයුතු නොකරයි .

Øක්ෂත්‍රිය වර්ණයේ ආපද් ධර්මය

‍ක්ෂත්‍රිය ජනයා අපදා කාලයකදී ක්ෂත්‍රිය වර්ණයේ ස්වධර්මය මගින් ජිවත් විමට නොහැකි විට වෛශ්‍ය වර්ණයට අයත්  ස්වධර්ම වල නිරත විය හැකිය. එනම් ,

01පශුපාලනය    02 ඉගෙනීම 03 දන් දීම 04වෙළෙඳාම

05යාග කිරීම,06මුදල් පොළියට දීම

                        07කෘෂි කර්මාන්තය යන කාර්යයන් සිදුකල හැකිය

මෙලෙස තමආපද් ධර්මය ලෙස ක්ෂත්‍රිය ජනයාට අපදා කාලය නිමාවන තෙක් සිදුකල හැකිය .මෙම ආපද්ධර්මය සිදුකිරීමට නොහැකි වු හොත් කිසිවිටක ශූද්‍ර වර්ණයේ ස්වධර්මය තම ආපද් ධර්මය ලෙස කටයුතු නොකරයි .

Øවෛශ්‍ය වර්ණයේ ආපද් ධර්මය

වෛශ්‍ය ජනයා අපදා කාලයකදී වෛශ්‍ය වර්ණයේ ස්වධර්මය මගින් ජිවත් විමට නොහැකි වු විට වෛශ්‍ය වර්ණයට පම‍ණක් තම ආපද් ධර්මය ලෙස ශුද්‍ර වර්ණයේ ස්වධර්මයේ නිරත විය හැකිය එනම්,

                    බ්‍රාහ්මණ , ක්ෂත්‍රිය වර්ණවලට මෙහෙවර කිරීම හිමිවි තිබේ

Øශූද්‍ර වර්ණයේ ආපද් ධර්මය

ආපදා සම්පන්න කාලයකදි ශුද්‍ර වර්ණයට ආපද් ධර්මයක් නියමකර නැති අතර ඵම කාලයේදි අනාර්ය ශුද්‍රයන් වීනාශ වි යයි  

බ්‍රාහ්මයාගේ නියමය වන්නේ ආපදා කාලය නිමවු වහාම තම ස්වධර්මය නැවත අනුගමනය කළ යුතුය එමෙන්ම ආපදා සම්පන්න කාලයකදී වුවද බ්‍රාහ්මණ වර්ණයේ ස්වධර්මය කිසිදු වර්ණයකට සිදු කළ නොහැකිය 

Next