බෞද්ධ ශීෂ්ටාචාරය 7 සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය... (Part 3)
පසු කලෙක එම හතු වර්ගය ද අතුරුදන් වී මිහිරි රසැති බද්‍රලතා නමැති වැල් වර්ගයක් පහළ විය. එම වැල් අනුභව කලහ. සිරුරේ රළු බව අඩු වූවෝ අතිශය කර්කශ ශරීර ඇත්තවුන් දැක මානය ඇති කොට ගත් හ. එවිට එම බදාලතා නමැති වැල් වර්ගය අතුරුදහන් වී දහවියා නැමැති රසැති ස්වයංජාත රත් දැල්හැල් සහල් පඳුරු වශයෙන් පහළ විය.
මෙය අනුභව කළ විට, සිරුරු තවත් රළු වෙන්නට විය. ලෝක විනාශයට පෙර මෙන්, ස්ත්‍රී ලිංග - පුරුෂ ලිංග භේදයක් ද පහළ වීමෙන් සත්ත්වයන් අතර කාමාසාව ඇති වී කාම සේවනය පහළ විය.
කාම සේවනයෙහි යෙදුනා වූ ස්ත්‍රී පුරුෂයන් දුටු. ඇතැමෙක් සත්ත්වයෙක් තවත් සත්ත්වයකුට කෙසේ නම් මෙවැන්නක් කෙරේදැයි ගරහමින්, ගල් , වැලි - වැනි අතට අසු වූ දෙයින් දමා ගසන්නට වූහ. මෙසේ කාම සේවනයෙ යෙදුනවුන් මාස කිහිපයක් යන තුරු. ගමකට නො වැද්ද ගත් අතර, ඔවුන් එයින් වැළකීබේර් රහසිගත ව මෙවුන්දම් සේවනය සඳහා ගෙවල් තනාගත්හ.
මේ අතර, ඇතැමෙක් උදය සවස හැල් ගෙනයාමට උදාසීන වී එකවරම දෙවේලටම සෑහෙන පරිදි රැගෙන ආ හ. මේ දුටු තවත් අයෙක් දින දෙක තුනකට සෑහෙන පරිදි හැල් නෙලා ගත් අතර, සමහරෙක් මාස ගණනේ භුක්ති වීදිය හැකි තරමට හැල් ගෙනවුත් රැස් කොට ගත්හ.
මෙසේ ඇති වූ තෘෂ්ණාවේ බලවත්කමට හැල් වී කුඩු බවට ද, තවත් කලකට පසු දහවියා සහිතව ද හට ගත්තේ ය. කැපූ හැල් වී ගසෙහි කරල්
මීට නො හැගීම ද, පඳුරු පසයෙන් පැළහට ගැනීම ද සිදු විය. මින්පසු ඔවුනු, කැල්කෙත් බෙදා ගනිමින් ගොවිතැන් කළහ.
මේ අතර කිසියම් සත්ත්වයෙක් අන් සතු හැල් වී සොරා ගත්තේ ය. එය දුටුවෝ ඔවුනට දෙවන වර දක්වා අවවාද කොට, තෙවනවරත් සිදු කල විට එතැන් පටන් සොරකම - බොරුව - හිංසාව ඇති විය. මෙසේ ඔවුන් අතර හටගත් අපරාධ විනිශ්චය කොට දඬුවම් කිරීමට ඔවුන් අතරින් ම දැකුම්කලු - තේජස්ම පුද්ගලයෙකු තෝරා පත්කොට ගත හ. මහජන මතයේ තේරී පත් වූ නිසා. (මහා සම්මත) යන නමින් ප්‍රකට විය. ඔවුහු තම තමන්ගේ හැල් කෙත් වලින් හැල් කොටස බැගින් විනිශ්චය භාගය වශයෙන් ඔහුට දුන්හ.
හැම හැල් කෙතකින්ම හැල් භාගය බැගින් ලැබුනු බැවින් ඔහු කෙත් වලට අධිපති යන අර්ථයෙන් (ඛෙත්තානං අධිපතීති ඛො බත්තියො) ඛත්තිය - ක්ෂත්‍රිය නම් විය.
ජනතාවගේ සිත් තමන් කෙරෙහි රඳවා ගෙන, අර්ථයෙන් හා
ධර්මයෙන් අනුසාසනය කරමින් පාලනය කළ නිසා රාජා යන නාමයෙන් ද ඔහු ප්‍රකට විය. මේ අයුරින් බ්‍රාහ්මණ - වෛශය - ශුද්‍ර යන අනෙකුත් තුන් කුලය ද පහළ වී ඇතැයි අග්ගඤ්ඤ සූත්‍රය සඳහන් කරයි.
ඇතැමෙක් සමාජ අපරාධ හා සොර මැරකම් දැක ජීවිතය කෙරෙහි කළකිරි. සමාජ ආශ්‍රයෙන් බැහැර ව, වනගත ව පැල්පත් තනාගෙන ජීවත් වූ හ. භාවනුයෝගීව අකුසල ධර්ම ප්‍රහාණය පිණිස උත්සාහවත් වූ නිසා බ්‍රාහ්මණ නම් විය. (පාපකෙ අකුස ලෙ ධමිමෙ බොහෙන්ති බො වාසෙට්ඨ බ්‍රාහ්මණා)
විවාහ ජීවිත ගත කරමින්, රැකියා හා වෙළඳාම් ආදී අනෙකුත් විවිධ කර්මාන්ත කටයුතු සිදුකල වුවන් වෛශ්‍ය වූ හ. (මෛථුන ධම්මං සමාදාය, විසුං කම්මන්තෙ, පයොජෙන්ති කො වාසෙට්ඨ වෙස්සා)
රොඩු - කසළ බැහැර කිරීම, මළමිනි වැළලීම ආදී ක්‍රියාවන්හි යෙදුනු පිරිස ශුද නම් වූ හ. (යෙ තෙ සත්තා අවසෙසා තෙ ලුද්දාචාරා බුද්දාචාරා අහෙසුං බෝ වාසෙට්ඨ ! සුද්දා) මෙලෙස ශුදු සමාජය හටගන්නා ලදී.
තුෂ්ණාව කරණ කොට ගෙන ඇති වන සමාජ විපර්යාසය (තණ්හාය විපරියාසා) පිළිබඳ ක්‍රමවත් විවරණයක් බෞද්ධ සූත්‍ර ධර්මය මගින් පැහැදිලි වෙයි. මුල දී සඳහන් කළ අන්දමට, දේව නිර්මිතයක් නොව, ක්‍රමික විකාශනයක් මේ තුළින් විශද කොට ඇත. බ්‍රාහ්මණ ධර්මය අනුව ලෝකේත්පත්තියටත්, චතුර් වණෝත්පත්තියටත් ප්‍රදානය කළ දිව්‍යමය අර් කථනය වෙනුවට හුදු මානුෂික ස්වරූපයක් ගෙන දීමට බුදු සමය පොහොසත් වී ඇත. අවිශ්වසනීය හා ප්‍රාතිහාර්යාත්මක සමාජ ප්‍රභවයක් නොවන, අවිදන මූලික සමාජාරම්භයක් තෘෂ්ණාව පාදක කොට ගෙන විකාශනය වී ඇති අයුරු පෙන්වා දි ඇත.ස්වකීය වෘත්තිය අනුව චතුර් වර්ණය ප්‍රකට වූවා මිස අදෘශ්‍යමාන බලවේගයක නිර්මිතයක් නොවෙන බව. වාසෙට්ඨ සූත්‍රානුසාරයෙන් තවදුරටත් අවධාරණය කොට ඇත.
* බෞද්ධ සමාජ ප්‍රබවයෙහි දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ. ඊශ්වරවාදී නිර්මාන වාදී දේව නියමයක් නොවන බව.
*පටිච්ච සමුප්පාදය මුල්වී සිදුවුවක් වුවක් බව
* දීර්ඝ කාලයක් පුරා පරිනාමීය
ක්‍රියාවලිය තුලින් බිහි වූ බව.
මෙම කරුණු මගින් පැහැදිලි වේ
No comments:
Post a Comment