බෞද්ධ ශීෂ්ටාචාරය 7 සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය... (Part 2)
දීර්ඝ කාලයකට පසු ලෝකය විනාශවෙයි.එවිට බොහෝ සත්වයන් ධ්‍යාන බලයෙන් බබලන සිරුරින් යුතුව බ්‍රහ්ම ලෝකයෙහි උපත ලබති. පසු ව ප්‍රීතිය ආහාර කොටගත් (පිතිහක්ඛා භවිස්සන්ති) ඔවුහු (ආභස්සර බඹ ලොවින්)කාලය ගැනිමෙන් පසුව බ්‍රහ්ම ලෝකයෙන් චුතව ලොව හටගනි.මෙලෙස මිනිස් ලොව ඕපපාතික ව උපත ලබා අකාශයේ කල් ගෙවූහ.
ඒ වෙන විට, මුළු මහත් ලෝකය ම දිය කඳකි. හැම තැනම අන්ධකාරය පැවතිණ. සඳු හිරු තාරකාවන් නොතිබිණ. රෑ දහවල් - දින - මාස - අවුරුදු බේදයක් ද නොවිණ. ස්ත්‍රී - පුරුෂ භේදයක් ද නොවීය.
මෙසේ දිගු කලක් ගතවෙත් ම දියමතු පිට රසපොළොව මතුපිට ට පැමිණෙයි.එත් සමග එක් තණ්හා භරිත සත්ත්වයෙක් ඇඟිල්ලෙන් ඇණ මහපොළව ලෙව කැවේය. එම රසයෙන් දිව නහර පිරී ඉතිරි ගියේ ය. සෙසු අය ද, මේ දැක රස පොළොවෙහි රස, දිව ගා අනුභව කරන්නට වූ හ. මෙසේ රසයෙහි ගිජු වූ මෙම සත්ත්වයෝ ඉතා සුළු කලකින් රස පොළොව අවසන් වේ යැයි සිතා කොටස් වශයෙන් වෙන් කොට ගෙන, තණ්හා භරිත ව අනුභව කරන්නට විය
නොබෝ කලකින් ම ඔවුනගේ බබළන සිරුරු අතුරු දහන්ව යයි .පළමු ව සූර්යයාත්, දෙවනුව චන්ද්‍රයාත්,තාරකාවනුත් පසු ව, රැ දහවල් - දින - මාස - අවුරුදු සමයේ බේදයක් ද ඇති විය. ආසාවන්ගෙන් පීඩිතවුනු ඔවුනගේ සිරුරු තවතවත් රළු වෙන්නට පටන් ගත් හ. වර්ණවත් වූ අය දුර්වර්ණ වූවත් දැක බලා තමා ඔවුනට වඩා සෝභාවත් යැයි මාන්නය ඇති කොට ගත්හ.
කල්ගතවෙත් ම රස පොළොව අතුරු දහන්ව මිහිරි රසැති හතු විශේෂයක් (පප්පටකෙජං) පිපෙන්නට විය. ඒවා අනුභව කළ වුවන්ගේ සිරුරු වඩාත් රළු වෙන්නට පටන් ගත් අතර, (සුදු - කලු )යැයි දෙවර්ණයක් ද ඇති විය. සුදු වර්ණවත් වුවන්, කලු වර්ණ වූවන් දැක, මානයෙන් උදම් වුහ.
No comments:
Post a Comment