බෞද්ධ ශීෂ්ටාචාරය 7 සමාජ ප්‍රභවය හා විකාශනය පිළිබඳ බෞද්ධ මතය...
භාරතීය චින්තන ඉතිහාසයෙහි සමාජ ප්‍රභවය පිළිබඳ ඉගැන්වීමට ඇත්තේ දැඩි ප්‍රවණතාවයකි. ප්‍රාග් බෞද්ධ යුගයෙහි පමණක් නොව, බුද්ධ කාලයෙහි බිහි වූ ආගම් ද, සමාජ ප්‍රභවය දැක්වීමට සුවිශේෂිත වෑයමක් දරා ඇත. බ්‍රාහ්මණ හා ජෛන ඉගැන්වීම් වලට වඩා ප්‍රතීත්‍ය සමුත්පාද මූල ධර්මය පදනම් කොටගත් ඉගැන්වීම බෞද්ධ චින්තනය තුළින්ද පෙන්වා දී ඇත. ජෛන පුරාණයේ උත්සර්පිණී (ප්‍රවෘත්තිය) අවසර්පිණී (නිවාක්තිය) යන මුල අග තෙක් විසාශනය වූ සමාජ ප්‍රභවයක් ඉදිරිපත් කොට ඇත. වෘෂභ විසින් වර්ණ තුනක් නිර්මාන්‍ය කරන අතර, භරත විසින් බ්‍රාහ්මණ වර්ණය නිර්මාණය සාරන ලද බවත් ජෛන පුරාණයේ පවසාඇතත්, බමුණු දහම එය තරයේ ප්‍රතික්ෂප කොට, බ්‍රහ්මන් සංකල්පය ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව බ්‍රාහ්මණයෝ ඒක සංකල්පීය නිර්මිතයක් මිස, ද්වි සංකල්පීය නිර්මිතයක් නො පිළිගනිති. මේ දෙආකාර දර්ශනයෙන්ම ස්වභාව සිද්ධිවාදය බැහැර කර බැවින්, බුදු සමය හා නො ගැළපෙයි. ලෝකය සමාරම්භයේ දී මුළු මගින් ම ජලයෙන් වට වූ, අන්ධකාරයෙන් පැවති බව.භාරතීය දර්ශන කිහිපයක ම උගන්වයි. විෂ්ණුගේ දශාවතාරයෙහි මුල් ම අවතාරය මත්ස්‍යාවතරය ලෙස දක්වා ඇත.මෙලස බුදු සමයට පෙර හා සමකාලින දර්ශනයන්හි ඉගැන්වීම් පෙන්වා දිය හැක. එහෙත් දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය හේතු ප්‍රත්‍ය ධර්මතාව අනුව ලෝකයේ සමාරම්භය හා ක්‍රමික සංවර්ධනය පිළිබඳ විවරණයක් මෙසේ ඉදිරිපත් කරයි.
No comments:
Post a Comment