ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

ෂට් ශාස්තෘවරුන් සහ ඔවුන්ගේ දර්ශනය

බෞද්ධ ශිෂ්ටාචාරය 1 (1.2) 

ෂට් ශාස්තෘවරුන් සහ ඔවුන්ගේ දර්ශනය

භාරත දේශය තුළ ක්‍රි.පු. 523 වන වර්ෂයේ බුදු රජාණන් වහන්සේ පහළ වී තිබේ එම කාලය  වන විට භාරතීය ආගමික සමාජ පසුබිම ප්‍රධාන සංස්කෘතීන් දෙකක් අනුව බෙදී ක්‍රියාත්මකක් විය. එනම්


1බ්‍රාහ්මණ සංස්කෘතිය
2 ශ්‍රමණ සංස්කෘතිය


බුද්ධ කාලයේ දී මෙම ශ්‍රමණ සංස්කෘතිය නියෝජනය කළ ඉතා ප්‍රකට පැවිද්දන් හය දෙනෙකු වශයෙන් ෂට් ශාස්තාන් හැඳින්විය හැක. ප්‍රකට ආගමික සම්ප්‍රදායන් හයක් නියෝජනය කළ මෙම  ෂට් ශාස්තෘන් පිළිබඳව දිග නිකායේ (සාමඤ්ඤඵල සූත්‍රයේ සඳහන් වී තිබේ) සූත්‍ර දේශනාවට අනුව අජාසත්ත රජු විසින් තමා පෙර ගරුකළ මෙම ෂට් ශාස්තෘන්ගේ දහම බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශයට පත් කළේය. සාමඤ්ඤඵල සූත්‍රයට අනුව  එලෙස සදහන් කළ ෂට් ශාස්තෘන් නම්

1 පූර්ණ කාශ්‍යප -(අකිරියවාදී අහේතුක අප්පච්චයවාදී)

2 මක්ඛලී ගෝසාල
(නියතිවාදී - සංසාරශුද්ධිවාදී)

3. අජිත කේශකම්බිලි (දසවස්ථුක මිත්‍යා දුෂ්ටිය වාදී - උච්ඡේදවාදී)

4. පකුධ කච්චායන - (සප්ත පදාර්ථවාදී - අකිරියවාදී)

5.සංජය බෙල්ලට්ඨිපුත්ත
- (අමරා වික්ඛේපවාදී - සංශය වාදී)

6.නිගණ්ඨනාථ පුත්ත (අන්ත අවිහිංසාවාදී - කර්මවාදී - කියති වාදී)

සාඤ්ඤඵල සූත්‍රයට අනුව මෙම ශාස්තෘවරුන් පිළිබඳවත් ඔවුන්ගේ ඉගැන්වීම් පිළිබඳවත් විමසා බැලිය හැක.

                                          NEXT