ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

බෞද්ධ ශිෂ්ටාචාරය 1 පකුධ කච්චායන


පකුධ කච්චායන

සප්ත පදාර්ථයක් ලොවට ප්‍රකට කළ භාරතයේ ප්‍රසිද්ධ ශාස්තෘවරයෙකි. ඔහුගේ ජීවන තොරතුරු අටුවාවල මෙලෙස සඳහන් වේ:

"පකුධ කච්චායනයාගේ ද උත්පත්තිය කවරේ ද යත්? හෙතෙම කුල පුත්‍රයෙකි. පියකු නැතිව වැන්ද
ඹු මවකගේ කුසින් උපන්නේ ය. මව දුගී වූ හෙයින් ද ගෙයක් දොරක් නැති වූ හෙයින් ද ඔහු කුඹුක් ගසක් මුල වදා හෙළා යන ලදී. එක්තරා බ්‍රාහ්මණයෙක් ඔහු දැක, ගෙන ගොස් කුඹුක් මුල දී උපන් හෙයින් 'කකුධ' යන නම තබා, ගෝත්‍ර නාමය හා සමඟ 'කකුධ කච්චායන' යි නම් තබා හදා වඩා ගත්තේ ය. හෙතෙම බ්‍රාහ්මණයා මළ පසු වෙනත් රැකියා මාර්ගයක් නැති වූයෙන් තපසට වැදී මිථ්‍යා දෘෂ්ටි ගත්තේ ය."

ඔහුගේ පිළිවෙත් අතර "ඇල්දිය යනු ප්‍රාණය යි; ඇල්පැන් බීවෝ ද දිය බිඳක් නෑවෝ ද ප්‍රාණඝාත කළාහු වෙති" යන දෘෂ්ටිය විය. එම නිසා හෙතෙම ඇල්දියෙන් අතපය පවා නොසේදීය. උණුදියෙන් හෝ කැඳ වතුරෙන් අතපය සෝදා ගත්තේ ය. ඇළක්, දිය වළක්, ඔයක් හෝ ගඟක් මතින් පැන යද්දී පයේ වතුර ගෑවී එගොඩට ගියේ නම්, "බොහෝ ප්‍රාණයන් නැසීමි, බොහෝ දෙනාට පීඩා කළෙමි, මාගේ සිල් බිඳුණේ ය" යි හඬා වැලපී, තමාට ම දඬුවම් කරගනු පිණිස වැලි ගොඩක් රැස් කොට එතැන දී නැවත සිල් සමාදන් වී යයි.

මෙය දුටු මනුෂ්‍යයෝ ඔහු කෙරෙහි පැහැදී "මොහු රහතෙකැයි" සිතා බොහෝ සත්කාර කළහ. මෙසේ හෙයින් පස්සියයක් පිරිවර ඇති කරගෙන දඹදිව ප්‍රසිද්ධ විය.

සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වෙන ආකාරයට ඔහු අකිරියවාදී වූවෙකි. සප්ත පදාර්ථයක් දේශනා කරමින් භෞතිකවාදී මත දැරීය. අනිර්මිත, ස්ථිර, නොසෙල්වන, නිත්‍ය සහ අවිපරිණාමී වන එම සප්ත පදාර්ථයන් නම්:

  1. පඨවි (පඨවි/පොළොව)

  2. ආපෝ (ජලය)

  3. තේජෝ (ගින්න)

  4. වායෝ (සුළඟ)

  5. සුඛ (සැප)

  6. දුක්ඛ (දුක)

  7. ජීව (ප්‍රාණය/ආත්මය)

ජීව අජීව සියල්ල මෙම සප්ත පදාර්ථයෙන් නියමිත අතර, එම පදාර්ථ සදාකාලික ය. සත්ත්වයකු මරන්නෙකු, නසවන්නෙකු හෝ කපන්නෙකු ලොව නැත. සිදුවන්නේ මෙම පදාර්ථයන් අතරින් ආයුධයක් රිංගා යාම හෝ පදාර්ථ වෙන්වී යාම පමණි.


                                                         NEXT