ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

බෞද්ධ ශිෂ්ටාචාරය 1සංජය බෙල්ලට්ඨිපුත්ත

 

සංජය බෙල්ලට්ඨිපුත්ත

සංශයවාදී දර්ශනයේ පුරෝගාමියා වූ සංජය බෙල්ලට්ඨිපුත්ත ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෙකි. එකල ඔහු 'ගණී, ගණාචරියෝ, සාධුසම්මතෝ, බහුජනස්ස' වැනි ගෞරවනීය විශේෂණ පදයන්ගෙන් හඳුන්වන ලද ශාස්තෘවරයෙකි.

ඔහුගේ ජීවන තොරතුරු අටුවාවල මෙලෙස දැක්වේ:

"සඤ්ජය බෙල්ලට්ඨිපුත්තයාගේ ද උත්පත්තිය කවරේ ද යත්? හෙතෙම නමින් සංජය නම් විය. බෙලි ඇටයක් බඳු වූ හිසක් ඇති හෙයින් 'බෙල්ලට්ඨි' නම් වූ අනුන්ගේ දාසියකගේ ම පුත්‍රයෙකි. හෙතෙම ස්වාමිදරුවන් විසින් නිදහස් කරන ලදුව, නොයෙක් ශාස්ත්‍ර ඉගෙන මහත් නුවණ ඇතිව තර්කවාද දැන තපසට වැදී, 'මෙලොව නැත, පරලොව නැත, කර්ම නැත, කර්මඵල නැත, මව් නැත, පියෙක් නැත' යි දෘෂ්ටි ගෙන, 'අපාදකයෝ (පාද නැත්තෝ) මළ කල අපාදකව ම උපදිති; ද්විපාදකයෝ ද්විපාදකව ම උපදිති; චතුෂ්පාදකයෝ චතුෂ්පාදකව ම උපදිති; බහුපාදකයෝ බහුපාදකව ම උපදිති; හීනයෝ හීනව ම උපදිති; උත්තමයෝ උත්තමව ම උපදිති; දිව්‍යයෝ දිව්‍යව ම උපදිති; මනුෂ්‍යයෝ මනුෂ්‍යව ම උපදිති' යනාදී වශයෙන් ලෝකවාසීන්ට මිථ්‍යාදෘෂ්ටි කියයි. ඒ අසා සමහර කෙනෙක් ගිවිස ඔහුට ද සත්කාර කෙරෙති. හේ ද පන්සියයක් පිරිවර ඇති කොට 'රහත් ය' යි කියමින් ඇවිදින ලදී."

දර්ශනය:

  • සංශය යනු සැකයයි. ඔහුගේ දර්ශනය සැකය මුල්කරගත් එකකි.

  • බෞද්ධ සාහිත්‍යයේ ඔහු "අමරාවික්ඛේපවාදී" ලෙස හඳුන්වා තිබේ. එනම්, ආඳෙකු මෙන් අතින් ලිස්සා යන, අසන්නා වික්ෂිප්ත භාවයට (මුලාවට) පත්කරන වාදයයි.

  • සංජය බෙල්ලට්ඨිපුත්ත ශාස්තෘවරයාගෙන් යම් ප්‍රශ්නයක් ඇසූ විට, ඔහු සිව්වැදෑරුම් පිළිවෙතකට (චතුස්කෝටික න්‍යායට) අනුව ලිස්සා යන සුළු පිළිතුරු ලබා දෙයි. එම සිව්වැදෑරුම් පිළිවෙත නම්:

  1. අත්ථි (ඇත) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම

  2. නත්ථි (නැත) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම

  3. අත්ථි ච නත්ථි ච (ඇත්තේ ද නැත්තේ ද වේ) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම

  4. නෙව අත්ථි න නත්ථි (ඇත්තේ ද නොවේ, නැත්තේ ද නොවේ) යනුවෙන් පිළිනොගැනීම / ප්‍රකාශ නොකිරීම


                             NEXT