ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

බෞද්ධ ශීෂ්ටාචාරය 5 ස්වධර්ම

  

•ස්වධර්ම

නිර්මාණ වාදී ඉශ්වර වාදී බ්‍රාහ්මණ දහමේ වර්ණ ධර්ම තරමට වැදගත් ඉගැන්වීමක් වශයෙන් ස්වධර්ම හැදින්විය හැකිය . තම ශරීරයෙන් වර්ණ 4ක් අනුව සාමජය නිර්මාණය කළ මහා බ්‍රාහ්මයා ඒ සිව් වර්ණයන්ට ජීවත්වීම සදහා වෙන් වෙන් වශයෙන් ස්වධර්ම නියම ක‍ළහ. ඒ ස්වධර්ම නියමය මනුස්දුතියේ පළමු පරිච්ඡේදයේ සදහන් වේ. ඒ අනුව ස්වධර්ම යනු (සිව් වර්ණයට මහා බ්‍රාහ්මයා වෙන් වෙන් වශයෙන් මවන ලද රැකියා සමුහයයි.)

Øබ්‍රාහ්මණ  වර්ණය    

   බ්‍රාහ්මණ වර්ණයේ ස්වධර්ම මනුස්දුතියේ පළමු පරිච්ඡේදයේ 88 පාඨයේ සදහන් වේ.

                                      අධ්‍යාපනමධ්‍යයනං - යජනං යාජනං තථා

                       දානං ප්‍රතිග්‍රහණංචෛව - බ්‍රාහ්මණානාමකල්පයත්

                                                                                                                            (මනු 1.88)

ඉගැනවීම, ඉගෙනිම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැන්විම බ්‍රාහ්මණයාගෙ කාර්යයන් වේ .

මෙම ස්වධර්මය තුළින් සමාජයේ සියලු වරප්‍රසද බ්‍රාහ්මණයන්ට ලැබී තිබේ .ඉගනීම ඉගැන්වීම තුළීන් බ්‍රාහ්මණයන් උගතුන් ලෙස ගෞරව ලැබුහ . දන්පිළිගැනීම යාග කරවීම යන ස්වධර්ම මගින් විශාල වශයෙන් ධනය උපයා බලවතුන් විය . මෙහිදි බ්‍රාහ්මණ කුලය සියලු වරප්‍රසාද හිමි කරගෙන බලවතුන් විය .

Øවෛශ්‍ය

 වෛශ්‍ය වර්ණයේ ස්වධර්ම මනුස්දුතියේ පළමු පරිච්ඡේදයේ 90 පාඨයේ සදහන් වේ.

 පශූනං රක්ෂණං දාන  -          මිජ්‍යාධ්‍යයනමේවච 

                  වණික්පථං කුසීදංච   - වෛශ්‍යස්‍ය කෘෂිමේවච (මනු 1.90)

පශුපාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළෙඳාම, මුදල් පොළියට දීම,                          කෘෂි කර්මාන්තය වෛශ්‍යයන්ගේ කාර්යයන් වේ.

Øශුද්‍ර

 ශුද්‍ර වර්ණයේ ස්වධර්ම මනුස්දුතියේ පළමු පරිච්ඡේදයේ 91 පාඨයේ සදහන් වේ.

ඒකමෙවතු ශුද්‍රස්‍ය - ප්‍රභුඃ කර්ම සමාදිශත්

                    ඒතේසාමේව වර්ණානං - ශුශ්‍රෑසාමනුසූයසා         (මනු 1.91)

    ඉහත දක්වන ලද ඒ එ වර්ණවලට අයත් ප්‍රභූ ජනයාට මෙහෙවර කිරීම හිමිවි තිබේ .


  Next