google ads

Tuesday, December 1, 2020

බෞද්ධ ශීෂ්ටාචාරය


ප්‍රග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සාමාජික දේශපාලනිකහා ආර්ථීක පසුබිම විමර්ශනාත්මක ව දකයි

 ප්‍රාග් බද්ධ ආගමික සමාජය හා බුද්ධකාලින භාරතිය සමාජය හදුනා ගැනීම

 

බුද්ධකාලින භාරතීය සමාජය යනු භාරත දේශය තුල බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලය යන්නයි . එනම් ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසයි . ආගමික සංස්කෘතික  වශයෙන් ඉතා සංකීර්ණ එම යුගය පිළිබඳ විමසා බැලීමේ දී ඊට පෙර කාලය පිළිබඳව අධ්‍යනය කිරිම වැදගත් වේ . ප්‍රාග් බෞද්ධ යුගය යනු බුදුරදුන් භාරතයේ පහළ වීමට පෙර කාල වකවානුවයි . එනම් ක්‍රිස්තු පූර්ව හයවන සියවසට පෙර කාලයයි . බුද්ධ කාලින භාරතීය සංස්කෘතිය අධ්‍යයනය කිරිමේ දී බුද්ධ කාලයට පෙර වූ ( ප්‍රාග් බෞද්ධ කාලය ) යුගය පිළිබඳව ද යම් වැටහීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යය . බුද්ධ කාලයට පෙර යුගයේ ආරම්භය ඉතා ඈත කාලයට දිවෙන අතර එය ක්‍රමානුකුලව සංවර්ධනය වෙමින් දියුණු වූ බව පැහැදිලිය .

vප්‍රාග් බෞද්ධ යුගය 

එහි ආරම්භය ඉතා අනාදිමත් කාලයක භාරත දේශය ආර්ය ජනයා ආක්‍රමණය කිරිමත් සමගම ඇති විය . එකල භාරත දේශයේ විසූ මුල් දේශවාසීන් හෙවත් ස්වදේශිකයන්ගේ පැරණි ගම් බිම් යටත් කර ගනිමින් ආර්ය ජනයා නව ශිෂ්ටාචාරය අරබන ලදී . එම ප්‍රාග් බෞද්ධ ශිෂ්ටාචාරය හඳුනා ගැනීමේ පහසුව සඳහා යුග හතරක් යටතේ පෙනවා දෙනු ලබයි. එනම් ,

1.ික යුගය 2. බ්‍රාහ්මණ යුගය 3. ආරණ්‍යයක යුගය 4. උපනිශද් යුගය යනුවෙන

ඉහත ප්‍රාග් බෞද්ධ යුගයන්ට අදාල ආගමික පසුබිමේ අනාදිමත් තොරතුරු වේද සාහිත්‍ය හෙවත් මෙම යුගයන්හිම රචනා වූ සිව් වේදයේ දක්නට ලැබේ . එම සිව් වේදය නම් ,

 1.  සෘග් වේදය

 2. යජුර් වේදය

3 . සාමන් වේදය

4. අථර්වන් වේදය.

ෙම වේද සාහිත්‍යයට අනුව ඒ ඒ යුගයන් ගැනත් ඊට අදාල ආගමික පසුබිම පිළිබඳව විමසීමක් කරමු  

                 

                                   NEXT


 

No comments:

Post a Comment

google ads

google ads