ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

භුගෝල විද්‍යාව 01

 1 පෘථිවියේ සංයුතිය  

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් ජීවීන් සහිත එකම ග්‍රහලොව ලෙස පෘථිවිය සුවිශේෂී වේ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය වායුවගජලය හා සුර්ය ශක්තිය පැවැතීම ඊට හේතුව යි .අපගේ වාසභූමිය වන පෘථිවියේ සංයුතිය පිළිබඳ විස්තරාත්මකව කරුණු විමසා බැලීම මෙම පාඩමේ අරමුණ යි.

පෘථිවියේ සංයුතිය 

මතුපිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 510 ක් පමණ වන පෘථිවිය ඉතා විශාල පද්ධතියක් වශයෙන් සැලකිය හැකිය

   පෘථිවි පද්ධතිය උප පද්ධති හතරකින් සමන්විත ය එ නම්

    

             1. වායුගෝලය

             2. ශිලාගෝලය

             3. ජලගෝලය

             4. ජෛවගෝලය

                           යන උප පද්ධති 4 වේ.


Øශිලාගෝලය   

පෘථිවි කබොල සහ ප්‍රාවරණයේ ඉහළ කොටස ඇතුළත් කලාපය ශිලාගෝලය ලෙස හැදින්වේ

ව්‍යුහය අනුව ශිලාගෝලය කොටස් දෙකකින් සමන්විත ය

ü පෘථිවි කබොල ( අකාර 2යි එනම් )

          1. මහද්වීපීක කබොල

          2. සාගරික කබොල

ü ඉහළ ප්‍රාවරණය

ශිලා ගෝලයේ ඇති සම්පත් මිනිසාට ප්‍රයෝජනයට ගැනීමේදී ශිලාගෝලය විවිධ බලපෑම් ඇතිවේ

(1)සම්පත් ලබාගැනීමට පොළොව කැනීමේදී සිදු වන භූමි හායනය‍‍.

(2) වනාන්තර එළි කිරීම නිසා භූමිය නිරාවරණය වීමෙන් පාංශු ඛාදනය තීව්‍ර වීම‍.

(3) මතුපිට භූ දර්ශනය වෙනස් වීම.  (4) භූගත ජල මට්ටම වෙනස් වීම .

(5)කර්මාන්තශාලා සහ ගෘහස්ථ ව සිදු වන අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් ශිලාගෝලයේ ඇතැම් ස්තරවලට හානි සිදුවීම.

 
Øවායුගෝලය

පෘථිවිය වටා පිහිටි විවිධ වායු වර්ගවලින් සමන්විත තුනී ස්ථරය වායුගෝලය යි. පෘථිවියේ ගුරුත්වබලය නිසා වායුගෝලය පෘථිවිය හා බැඳී පවතී. වායුගෝලයේ වායුව වැඩි වශයෙන්ම අන්තර්ගත වන ඉතා වැදගත් කොටසක් ලෙස සැලකෙන්නේ භූ තලයේ සිට 120km ක් පමණ දක්වා ඉහළට විහිදෙන කලාපය යි. පෘථිවි තලයේ සිට 5-6km පමණ  දක්වා වන කලාපය තුළ මුළු වායු ප්‍රමාණය 50% ක් පමණ අන්තර්ගත වේ.ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය වන ඔක්සිජන් වායුව සැපයීමත් ප්‍රභාසංස්ලේෂණය සඳහා අවශ්‍ය කාබන්ඩයොක්සයිඩ් වායුව සැපයිමත් නිසා ජීවීන්ගේ හා ශාක පැවැත්මට වායුගෝලය ඉතා වැදගත් වේ