ප්‍රධාන විෂයන්

විශේෂ දැනුම්දීමයි!

ඔබට අවශ්‍ය පාඩම සෘජුවම අධ්‍යයනය කිරීමට ඉහළ Navigation Bar එකේ ඇති අදාළ විෂය මත Mouse එක තබා පාඩම් අංකය (Lesson 01, Lesson 02...) තෝරාගන්න.

ලකුණු ලබා ගැනීමේ ක්‍රමය (Marks Scheme)

විභාග ප්‍රශ්න පත්‍ර සඳහා නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ ලකුණු හිමිවන පිළිවෙළ අධ්‍යයනය කිරීමට අදාළ පාඩම තුළ ඇති Marking Scheme කොටස පරිශීලනය කරන්න.

අලුත්ම පාඩම් සටහන (Latest Update)

බෞද්ධ ශීෂ්ටාචාරය 4 වර්ණ ධර්ම

                        භාරතීය බ්‍රහ්මණ සමාජ ධර්ම අධ්‍යයනය කර ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය   විමසා බලයි.              

 භාරත දේශ්‍ය අති විශාල රාජ්‍යයකි . බුදුරාජා‍ණන් වහන්සේ ක්‍රි.පු 6 සියවසේ භාරතයේ මධ්‍ය

 දේශයෙ පහලවී ඇත. බුදුහිමි පහල වු එම භාරත සමාජය.මහා බ්‍රාහ්මයා මුල් කරගත්

බ්‍රාහ්මණ දහම අනුව සංවිධානය වී  ඇත . මහා බ්‍රාහ්මයා මුල් කරගනිමින් ක්‍රියාත්මක

 වු මුලුමහත් සමාජය

•වර්ණ ධර්ම
•ස්වධර්ම
•ආශ්‍රම ධර්ම
•ආපද් ධර්ම

•යාගය යනදී ඉගැන්වීම අනුව ක්‍රියාත්මක විය

• වර්ණ ධර්ම

බ්‍රාහ්මණයන් වර්ණ ධර්ම පදනම් කොටගෙන සමාජ ප්‍රභවය ඉගැන්වූ බව. එම ඉගැන්වීම් ඝෘග්වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තයේ සඳහන් වන බව

බ්‍රාහ්මණෝ්ස්‍ය මුඛමාසිද් - බාහු රාජන්‍යකෘත

ඌරුතදස්‍ය යද් වෛශ්‍ය - පද්භ්‍යාම් ශුද්‍රෝ අජායත

                                                                                        (සෘග් 10.90)

මෙම ඉගැන්වීම වර්ණ ධර්ම නමින් හැඳින්වූ බව.

1.බ්‍රාහ්මණ       >

2.ක්ෂත්‍රිය          > >    ආර්ය වර්ණ  

3.වෛශ්‍ය        >   

4.ශුද්‍ර   >         ආනාර්ය වර්ණ 

යන සමාජ සංස්ථා  හතර  චතුර් වර්ණය නම් වන බව.

 

මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ වර්ණයද ,බාහු යුගලයෙන් ක්ෂත්‍රිය වර්ණය ද ,කලවා යුගලයෙන් වෛශය වර්ණයද ,යටි පතුලින් ශුද්‍ර වර්ණයද මවන ලදි .මෙම වර්ණ ධර්ම අනුව සමාජයේ උසස් ම වර්ණය බ්‍රාහ්මණ වර්ණයයි.තවද ඔවුන් මිනිසුන් සහා දේවියන් සම්බන්ධ කරන පුද්ගලයා ලෙස සලකා ඇත.එනිසාම (භූසර) යන නමින් හදුන්වයි. බ්‍රාහ්මණ දහම  සමාජයේ එකාකාරි බව නැති කීරිම සදහා උස් පහත් ලෙස වර්ණ 4 ක් මවා තිබේ. තවද සිල්ලට අධීපති ,සියල්ල දන්නා ,සියල්ල දකිනා අසහාය බ්‍රාහ්මයා සිව් වර්ණයන්ට අනුව මිනිස් සමාජය මැවීම පිළිබදව මෙලෙස පවසා ඇත.

“චතුර් වර්ණඃ මයා සෘෂ්ටඃ

ගුණකර්ම විභාගෂඃ”  

මා විසින් සිව් වර්ණයන් මවන ලද්දේ ඒ ඒ වර්ණයන් හි ගුණය සහා කර්මය සලකා බලායග.

Next