google ads

Tuesday, December 1, 2020

බ්‍රක්මණ යුගය

 •බ්‍රක්මණ යුගය

වෛදික යුගයෙන් පසු එළඹෙන කාලය බ්‍රාහ්මණ යුගයයි . මෙකළ ඒක දේවවාදි විශ්වාස මත ලොව එකම දෙවියන් මහා බ්‍රාහ්මන් ලෙස නම් කරන ලදි . එමෙන්ම ඔහු විශ්ව මාපක , විශ්වයේ කතෘ , සර්වතෝභද්‍ර , සර්වදර්ශී , සර්වඥ ආදී වූ එකම දෙවියන් ලෙස සළකා ඇත . එමෙන්ම ව දික යුගයේ සිට දෙවියන්ට පුද පූජා පැවැත්වූ පූජකයන් " බ්‍රාහ්මණ " යනුවෙන් සමාජයේ ඉස්මතු වන්නට විය . ඔවුන් මහා බ්‍රාහ්මන් මුල් කර ගනිමින් එම එකම දෙවියන්ගේ ඉගැන්වීම් ලෙස ලෝක නිර්මාණය , සමාජ නිර්මාණය , වර්ණ ධම්ම ස්වධර්ම , ආපත් ධර්ම , ආගම ධර්ම යාග හෝම පුද පූජා ආදිය සමාජයට හඳුන්වා දුන්හ . ඒ සමඟම දෙවියන්ට වඩා බ්‍රාහ්මණයන් ඉස්මතු වූ මෙම යුගය බ්‍රාහ්මණ යුගය ලෙස හඳුන්වන්නට විය

•ආරණ්‍යක යුගය 

 බ්‍රාහ්මණ ආගමික ඉගැන්වීම්වලින් පීඩාවට පත් කළ පිරිසක් මෙකළ ඇති වන්නට විය . ඔවුන් බ්‍රහ්මණ ඉගැන්වීම් වලට විරුද්ධව ගිහි ගෙයින් නික්මුණු ආරණ්‍ය ගත වූ ජීවිත ගත කළහ . එවැනි කණ්ඩායම් බහුලව ඇති වූ මෙම යුගය ආරණ්‍යක යුගය ලෙස හඳුන්වයි . එකළ ආරණ්‍යයක වුවන්ගේ පොදු ලක්ෂණ නම් සත්‍ය , විමුක්තිය , කර්මය , පුණර්භවය , සසර ආදී කරුණු පිළිබඳව ගැඹුරින් ගවේශණය කිරීමයි . ඔවුන් බ්‍රාහ්මණයන් ඉගැන් වූ දෙවියන් , ස්වධර්ම , වර්ණධර්ම , ආශ්‍රම ධර්ම ආදිය දැඩි ලෙස බැහැර කලේය . විවේචනය කළේය .


                NEXT


No comments:

Post a Comment

google ads

google ads